Friday, September 25, 2020

ඉන්ද්‍රජාලික දියඇල්ල 😲

                                                 ඉන්ද්‍රජාලික දියඇල්ල

ස්වභාවධර්මය කියන්නේ අත්භූත දේවල්වලින්, අලුත් දේවල් වලින්, පුදුම හිතෙන දේවල් වලින් පිරිච්ච තැනක් , අද  කතා කරන්න යන්නෙත් අන්න ඒ වගේ ස්වභාව ධර්මයාගේ තවත් අපූර්වතම නිර්මාණයක් ගැන. මේ නිර්මාණය තමයි ගෑවෙන, වැටෙන ඕනෑම දෙයක් ගල් බවට පත්කිරීමේ හැකියාවක් තියෙන අරුම පුදුම දිය ඇල්ල, මේක ලඟකදී  හොයා ගත්ත දෙයක් නම් නොවේ, මේක ගොඩාක් අතීතයේ සිටම රැකගෙන ආපු දෙයක්, ඒ වගේම අපේ වාසනාවට අපිටත් මේක බලන්න යන්න පුළුවන්කමක් තියෙනවා, ඒ මේක 1937 දී ප්‍රථම වතාවට මහජන ප්‍රදර්ශනයට විවෘත වුණ නිසා.

මුල් කාලයේදී මේ දියඇල්ලට කියපු නම තමයි “ද ඩ්‍රොපින් වෝල්”, ඒත් 1937 දී විතර මේක මහජනතාවට විවෘත උනාට පස්සේ මේකට කියන්න ගත්තා “මදර් සිප්ටර්න්ස් කර්ව්” කියලා. හැබැයි  කොහොම උනත් වර්ෂ සියගණනක් ගතවෙද්දී මිනිස්සුන්ට අමුතු සිදුවීමක් මේ දියඇල්ල ආසන්නයෙන් දකින්න හම්බවෙනවා, ඒ දේ තමයි මේ දියඇල්ලට වැටෙන හෝ ගෑවෙන  හෝ දෙයක් ගලක් බවට පරිවර්තනය වෙනවා කියන එක, ඉතින් මේක දැනගත්ත ගොඩක් දෙනා විශ්වාස කරේ මේකට තමන් හෝ වෙනත් මනුස්සෙක් වැටුනොත් ඔහුවත් ගලක් බවට පත් වෙයි කියන එක. 

අතීත පුරාවෘත්ත වලට අනුව  නම් මෙතන තියෙන්නේ ටිකක්  වෙනස් විදියේ සිත් ඇඳගන්නා සුළු  කතාවක්, මේ මදර් සිප්ටන් කියන කාන්තාව ඉපදිලා තියෙන්නේ ඒ කාලයේ මේ ගුහාව ඇතුලේ හිටපු ගනිකාවකට දාව. ඉතින් මේ කියන කාන්තාවට ඒ කාලේ මිනිස්සු කියල තියෙන්නේ යක්ෂණිය කියලා. ඒකට හේතුව විදියට ඒගොල්ලෝ සදහන් කරන්නේ ඇගේ තිබුන ඉතාමත් අවලස්සන සහ පිලිකුල්සහගත පෙනුම. ඒ වගේම පුරාවෘත වල සදහන් වෙන තවත් එක වැදගත්  දෙයක්  තමයි මේ කාන්තාවට අනාගතය දැකීමේ හැකියාවක් තිබ්බය කියන එක, ඒ පුරාවෘත්ත වල සදහන් වෙනවා මේ කාන්තාව ජංගම දුරකතනය නිර්මාණය, ග්‍රෙඩ් ෆයර් ඔෆ් ලන්ඩන් ඉන් 1666 සහ ස්පැනිස් අර්මඩා යන දේවල් කල්තබා පුරෝකථනය කර බවයි.

මේ විදිහෙ සිත් ඇඳගන්නා සුළු කතා එක්කම තවත් ආකර්ෂණය දිනා ගත්ත දෙයක් තමයි මේ වතුර වල තියෙන විශේෂ සංඝටක. මේ දිය අල්ලේ තියෙන වතුර වල ද්‍රවන හුණුගල් විශාල ප්‍රමාණයක් තැම්පත් වෙලා තියෙනවා, ඉතින් ඒක නිසා මේ වතුරට වැටෙන ඕනෑම දෙයක් කල් යනකොට මේ හුණුගල් වලින් වැසිලා ගිහින් ගලක් බවට පත් වෙනවා. ඔයාලට මෙතනට ගියාම දකින්න පුළුවන් ඈත අතීතයේ ඉඳලම මෙතන විවිධ පාර්ශවයන් ඇවිත් එක එක දේවල් දාලා ගිහින් තියෙන හැටි. 

සමහරු තමන්ගේ හිසේ තිබුණ තොප්පිය දාලා යන අතරේ තවත් සමහරු තමන් පැදගෙන ආපු බයිසිකලය පවා මෙතනට ගලක් බවට පත්වෙන්න දාලා ගිහින් තියෙනවා, ඒවා අපට අදටත් බලාගන්න පුළුවන් එතනට ගියාම. ඒ වගේම මෙතන එල්ලලා යන තවත් වැදගත් දෙයක් තමයි ටෙඩි බෙයාර්ලා. ඒ වගේ එල්ලලා ගියපු ගොඩක් දේවල් දැන් ගල් බවට පරිවර්තනය වෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. අපිට විද්‍යාත්මකව මේක පැහැදිලි කරලා දුන්නත් දැනටත් මෙතනට එන කෙනෙක්ට හිතන්න පුළුවන් මේ වතුරවල යම්කිසි මැජික් ශක්තියක් තියෙන්න පුළුවන් කියල. කවදාහරි එංගලන්තයට යනවා නම් මේ දිය ඇල්ලට යන්න අමතක කරන්න එපා.





ඉන්දියන් සාගරයේ ගැලපගෝස් දූපත😮

  සොකොත්‍රා ගැලපගෝස් දූපත් සමූහය ගැන ඇතැම් විට ඔබ අසා ඇති. මෙම දූපත්වල සුවිශේෂී සහ සංවේදී පරිසර පද්ධතිය නිසා ජීවී පරිණාමය පිළිබඳ න්‍යායක් ගො...